මිලියන දාහතරේ හොරු පැය 12 න් දැලේ



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ අල්-මරකාබට් දිස්ත්‍රිකයේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකට මුදල් ඇතුල් කරමින් සිටි සේවකයින්ට පහර දී එමිරේට්ස් ඩිරාම් මිලියන 14ක් සොරකම් කරන ලද ආසියාතිකයින් නව දෙනෙකුගෙන් සමන්විත හොරු කල්ලියක් සොරකම සිදුවී පැය 12ක් ඇතුලතදී අත්අඩංගුවට ගැනීමට ඩුබායි පොලීසිය සමත්වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

“සොරකම සිදුවීමෙන් පසු,  අපි සිදුකරපු විමර්ෂණයන්ට අනුව අපිට අනාවරණය කරගැනීමට හැකිවුනා සොරකම සිදුකරන ලද පුද්ගලයින් එමිරේට්ස් වලට ආසන්න නගරයක තියන පෞද්ගලික ආයතනයක සේවය කරන බව, පෞද්ගලික ආයතනයේ සේවකයින් පරීක්ෂා කරලා හොරු කල්ලියට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගන්න අපේ නිලධාරීන් පියවර ගත්තා’’ යනුවෙන් එමිරේට්ස් පොලිස් ප්‍රධානි, මේජර් ජෙනරාල් අබ්දුල්ලා කලීෆා අල්-මෙරි ප්‍රකාශ කළේය.  

සොරකම්කරන ලද මුදල් සහ මංකොල්ල සිදුකරන අකාරය පිළිබඳ සැලැස්ම අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වු අතර මංකොල්ලය සිදුකිරීම සඳහා කාලයක සිට සැලසුම් කර ඇති බව අත්අඩංගුවට ගත් සැලැස්ම අනුව පැහැදිලි වන බව පොලිස් ප්‍රධානියා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS