මිලියන තුනක මත්ද්‍රව්‍ය අල්ලයි
එක්සත් අරාබි එමිරේට්ස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මිලියන 3.612ක් වටිනා ඇම්පෙටමින් පෙති තොගයක් විකිණීමට සකස් කර තිබියදී අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.
ඇම්පෙටමින් පෙති තොගය ලඟ තබාගත් අරාබි ජාතිකයින් තිදෙනෙකු අත්අංඩගුවට ගැනීමට අබුඩාබි පොලීසිය සමත් වී ඇත.
මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් පරීක්ෂා කරන අවස්ථාවේදි, ගබඩා සංකීර්ණයක තුල පිහිටා ඇති වතුර ටැංකියක් තුල සඟවා තිබියදී මිලියන තුනක් වටිනා ඇම්පෙටමින් පෙති තොගය සොයා ගැනීමට හැකි වී ඇත.
තවත් එවැනිම ආකාරයේ ඇම්පෙටමින් පෙති 612,000ක් සමඟ අරාබි ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වු බව අබුඩාබිපොලිස්පති,මේජර්ජෙනරාල්මක්ටූම්අල්ෂාරීෆි ප්‍රකාශ කළේය.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)