මිලියන 8 කගේ තොරතුරු පද්ධතියක්



කුවේට් අපරාධ සාක්ෂි දෙපාර්තුමේන්තුව සතුව අපරාධකරුවන්, විදේශිකයින් සහ ස්වදේශිකයන් පිලිබඳ සියළු තොරතුරු අඩංගු තොරතුරු පද්ධතියක්  පවතින බව ප්‍රකාශ කළේය.

එම තොරතුරු පද්ධතිය තුල පුද්ගලයින් මිලියන 8කගේ තොරතුරු අඩංගු කර ඇත.

ව්‍යාජ නම් භාවිතා කර විදේශ ගමන් බලපත්‍ර සකස් කර ගනිමින් රටින් පිටුවහල් කරන ලද පුද්ගලයින් පැමිණීම වැලැක්වීම සඳහා විශාල දායකත්වයක් ලබා දෙන අතර රටේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දෙපාර්තුමේනතුව වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. 

2017 මුල් මාස පහේදි සැකකරුවන්ගේ ඇඟිලි සලකුණු 11,000ක් ලබාගෙන ඇති අතර ඔවුන්ට විරුද්ධව නඩු පවරා ඇත.

අධි තාක්ෂණික අංගෝපාංගයන් ගෙන් යුත් උපකරණ දෙපාර්තුමේන්තුව සතුව පවතින අතර ඇඟිලි සලකුණු යන්ත්‍රය මඟින් ඉතා වේගයෙන්අදාල තොරතුරු ලබා ගත හැකි බව දෙපාර්තුමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(arabtimesonline පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS