මිලියන 7 කල්ලිය අල්ලයි



බිට්කොයින් (ඉලෙක්ට්‍රොනික් මුදල්) ලබාදෙන බවට ආසියාතික සහෝදරයන් දෙදෙනෙකුට පවසා එමිරෙට්ස් ඩිරාම් මිලියන හතක මුදලක් සොරකම් කළ දස දෙනෙකුගෙන් යුත් කල්ලියක් අල්ලාගැනීමට එමිරේට්ස් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරින් සමත් වී ඇති බව වාර්තා වේ.

බිට්කොයින් ලබාගැනීමට කාර්යාලයට පැමිණෙන ලෙස දැණුම් දී ඇත. මුදල් රැගෙන සහෝදරයන් දෙදෙනා කාර්යාලයට පැමිණ ඇති අතරදෙදෙනෙක් කාර්යාලයේ ඉදිරිපස සිට ඔවුන්ව පිළිගෙන ඇති අතර අනිත් සාමාජිකයන් කාර්යාලය තුල රැදි සිට ඇති බව වාර්තා වේ.

සහෝදරයන් දෙදෙනා කාර්යාලයතුලට පැමිණි පසු අත් බැද පහරදී මුදල් සොරාගෙන පලා ගොස් ඇති බව මුලික විමර්ෂණවලදි අනාවරණය කරගෙන ඇත.

මංකොල්ලය සැළසුම් කළ ප්‍රධාන සැකකරු පැය හතරක් යන්නට පෙර අල්ලාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරින් සමත් වී ඇති අතර ප්‍රශ්න කිරීම්වලින් පසු සෙසු සැකකරුවන්ද අත්අඩංගුවට ගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS