මිලියන 3ක් හොරකම් කරලා



කුවේට් පාලක පවුලේ සාමාජිකයෙක්ට අයත් නිවසකින් ඩිනාර් මිලියන 3ක් වටිනා ස්වර්ණාභරණ, මැණික් සහ දියමන්ති සොරකම් කර ඇති බව වාර්තා වේ.

අදාල සොරකම සම්බන්ධයෙන් නිවසේ සේවය කළ ඉන්දීයානු ජාතිකයෙක් සැක පිට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන ඇත.

ඉන්දියානු ජාතිකයා සේවයට නොපැමිණ ඉන්දියාව බලා පිටත්ව යෑමට ගුවන්තුටුපොලේ රැදී සිටියදී ආරක්ෂක අත්අඩංගුවට ගෙන ඇත.

සොරකම් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කිරීමට කුවේට් පොලීසිය කටයුතු කර ඇත.    

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් කුවේට් නගරය)


RECOMMEND POSTS