මිලියන 370 ක ඒකාබද්ධ ණයක්



ඩුබායි නුවර පිහිටා ඇති සෞදි ජර්මන් පෞද්ගලික රෝහලේ මෙහෙයුම් කටයුතු සහ පුළුල් කිරීමේ ව්‍යාපෘති සඳහා එමිරේට්ස් ඩිරාම් මිලියන 370ක (ඇ:ඩො මිලියන 100.8) ස්ලාමීය ඒකාබද්ධ ණයක් ලබාගෙන ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

මෂ්රෙක් සහ  ඩුබායි ඉස්ලාමීය යන බැංකු දෙක සමඟ ප්‍රධාන මැදිහත්කරු ලෙස එමිරේට්ස් ඉස්ලාමීය බැංකුව ණය ගණුදෙනුව සම්බන්ධීකරණය කර ඇත.

ඒකාබද්ධ ණය මුදල සම්බන්ධයෙන් අති කොන්දේසි පිළිබව හෙලිකර නොමැති බව වාර්තා වේ.  

සවුදි ජර්මන් රෝහල,එමිරේට්ස් හෙල්ත්කෙයාර් ඩිවෙලොප්මන්ට් ඇන්ඩ් කම්පැනි සමාගමට අයත් සමාගමක් වන අතර එමිරේට්හි ප්‍රධාන සෞඛ්‍ය සේවා සපයන ආයතන අතුරින් ප්‍රධාන ආයතනයක් වන බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS