මිලියන 3.98 ක් අත්අඩංගුවට



සෞදි අරාබියේ නීතිවිරෝධි ආකාරයෙන් රැඳී සිටි විදේශිකයන් මිලියන 3.95ක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

2017 නොවැම්බර් මාසයේ සිටි මේ දක්වා අත්අඩංගුවට ගත් පිරිසෙන් 982,113ක් පිටුවහල් කිරිමට සෞදි රජය කටයුතු කර ඇත.

නීතිවිරෝධි විදේශිකයන් කොටුකරගැනීම සඳහා විදේශ ගමන් බලපත්‍ර අධ්‍යක්ෂ කාර්යාලය සහ කම්කරු හා සමාජ සංවර්ධන අමාත්‍යාංශය ඇතුළුව රජයේ ආයතන 19ක් සම්බන්ධ වී ඇත.

සෞදි අරාබියට ඇතුළුවීමට උත්සහ කළ 67,299 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් පිරිසෙන් 45%ක් යේමන ජාතිකයන්ද, 52%ක් ඉතියෝපියානු ජාතිකයන් සහ 3%ක් විවිධ ජාතිකයන් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS