මිලියන 20 ක රත්‍රං සොයාගෙන



ඩුබායි පොලීසිය එමිරේට්ස් ඩිරාම් මිලියන විස්සක් වටිනා ස්වර්ණාභරණ සොයා ගෙන ඇති බව වාර්තා වේ.

යුරෝපීය ආයෝජකයෙකුගේ නිවකින් ස්වර්ණාභරණ සොරකම් කර ඇති අතර සොරකමට සම්බන්ධ කල්ලිය ඩුබායි පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

සොර කල්ලියේ සාමාජිකයන් පැය 48 ක් තුළ අත්අඩංගුවට ගත් බවත්, කිසිදු සාක්ෂියක් ඉතිරි නොකර ස්වර්ණාභරණ සොරකම් කර ඇති බව අපරාධ විමර්ශන කටයුතු පිළිබඳ අධිකාරියේ සහකාර අණ දෙන නිලධාරී, මේජර් ජෙනරාල් කලීල් ඉබ්‍රාහිම් අල්-මන්සුරිපැවසීය.

සොර කල්ලියේ සාමාජිකයන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදි රටින් පලා යාමට සූදානම් ව සිටි බවපොලීසිය පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS