මිලියන 14ක් කුවේටය හරහා ගිහින්
2017 ජනවාරි 01 දින සිට නොවැම්බර් 30 දක්වා කාලය අතරතුර මිලියන 14ක ගුවන්මඟීන් සංඛ්‍යාවක් කුවේට් අන්තර්ජාතික ගුවන්තොටුපල හරහා තම ගමනාන්ත වෙත ගොස් ඇති බව කුවේට් ගුවන්තොටුපල සංඛ්‍යා දත්ත වලින් පැහැදිලි වන බව කුවේට් මාධ්‍ය වාර්තා කළේය.
කුවේට් සිවිල් ගුවන් සේවා අධිකාරිය 2005 වර්ෂයේදි අලුතෙන් හඳුන්වා දුන් විවෘත ප්‍රතිපත්ති හේතුවෙන් බොහෝ ගුවන් සමාගම් කුවේට් රාජ්‍යය හරහා පියාසර කිරීමට වැඩි රුචිකත්වයක් දක්වන බව සිවිල් ගුවන් සේවා මෙහෙයුම් අධ්යක්ෂ, මොහොමඩ් අල්-තුවානි ප්‍රකාශ කළේය.
දෙසැම්බර් 07 දිනට යෙදෙන ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා දිනය පිළිබඳව මාධ්‍යට අදහස් දක්වමින් අධ්යක්ෂවරයා මේ පිළිබඳව ප්‍රකාශ කර ඇත.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)