මිලියන 12.94ක් භාවිතා කරලා



ගුවන් මඟීන් මිලියන් 12.94ක් ඕමානයේ ගුවන්තොටුපොලවල් තුනක් භාවිතා කර ඇති බව වාර්තා වේ.

මස්කට් අන්තර්ජාතික ගුවන්තොටුපොල, සලාලාහ් සහ සොහාර් යන ගුවන්තොටුපොලවල් ගුවන් මඟීන් භාවිතා කළ ගුවන්තොටුපොලවල් වන අතර 2019 මුල් මාස අට තුල ගුවන් ගමන් වාර 75,971ක් ක්‍රියාත්මක කර ඇත.

මස්කට් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ මුළු මගීන් සංඛ්‍යාව සියයට 6.5 කින් ඉහළ ගොස් මිලියන 10.8 ක් වී තිබෙන බවඕමාන් සංඛ්‍යාලේඛන හා තොරතුරු පිළිබඳ ජාතික මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනවල සඳහන් කර ඇත.

මස්කට් අන්තර්ජාතික ගුවන්තොටුපොලේ ගුවන් මෙහෙයුම් සියයට 0.8කින් පහත වැටී ඇති අතර සංඛ්‍යාත්මකව 78,773 සිට 78,171 දක්වා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS