මිලියන 1.158ක් නොගෙවා අල්ලයි



එමිරේට්ස් ඩිරාම් මිලියන 1.158ක දඩ මුදලක් නොගෙවු රියදුරෙක් රස් අල්-කයීමා නගරයේදි පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

වයස අවුරුදු 23ක තරුණයෙක් වන එමිරේට්ස් ජාතිකයා 1,251 වතාවක් මාර්ග නීති උල්ලංඝනය කර ඇති අතර ඉන් 1,200 වතාවක් අධික වේගයෙන් මෝටර් රථය ධාවනය කර නීතියේ රැහැනට හසු වී ඇත.

රස් අල්-කයීමා නගරයේ තරුණ රියදුරෙක් සිදු කළ ඉහළම මාර්ග නීති උල්ලංඝනය කිරීමේ සංඛ්‍යාව මෙය බව මාමුරා පොලිස් ප්‍රධානී, කර්නල් වාලිඩ් මොහොමඩ් ජුමා ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නගරය)

RECOMMEND POSTS