මිලියන 1.1 ක් දඩ කාළා



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ රථවාහන වැරදි 132ක් සිදු කරන ලද ආසියාතික රියදුරෙකුට එමිරේට්ස් ඩිරාම් මිලියන 1.1ක දඩ මුදලක් ගෙවීමට සිදු වී ඇති බව එමිරේට්ස් පොලිස් නිලධාරියකු අගෝස්තු 02 දින ප්‍රකාශ කළ බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

නියමිත වේලාවට දඩ මුදල් නොගෙවීම සහ විශාල රථවාහන නීතිරීති ප්‍රමාණයක් උල්ලංඝනය කිරීම හේතුවෙන් ආසියාතික රියදුරා එමිරේට්ස් පොලීසිය අත්අඩංගුවට ගත් බව වාසිට් පොලිස් ස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, මේජර් මොහොමඩ් අබ්දුල් රහ්මන් බින් කැස්මොල් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS