මිල ගණන් වැඩි වෙයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍ය තුල විකිණීමට ඇති දුම්වැටි සහ ශක්තිජනක පානයන් වල මිල ගණන් දැනට පවතින මිල මෙන් දෙගුණයකින් ඔක්තෝබර් 01 සිටි ඉහළ යන බව එමිරේට්ස් බදු අධිකාරිය ප්‍රකාශ කළ බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

එමිරේට්ස් ජනාධිපති,ෂෙයික් කලිෆා විසින් සහතික කරන ලද නව සුරාබදු හේතුවෙන් අදාල මිල ගණන් ඉහළ යන බව වාර්තා වේ.

පනවන ලද නව සුරාබදු අවසාන මාස තුනේදි අය කරගන්නා බව මුලින් ප්‍රකාශ කළ අතර බදු අය කරගැනීම හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම්, යුනිස් හජී අල්-කෞරි  ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS