මියගිය ගණන 15,000 පසු කරාවි



තුර්කිය සහ සිරියාව කැලැඹූ භූමි කම්පාවලින් මියගිය ගණන 9,500 සීමාව පසු කළේය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මරණ ගණන 15,000 හෝ 20,000 පසු කරනු ඇති බවය.

තුර්කිය සහ සිරියාව අසල්වැසි රටවල් වන අතර, ඒවා පිහිටා ඇත්තේ භූ තැටි මායිම්වලට ඉහළිනි. භූමි කම්පාවක් යනු භූ තැටි දෙකක් එකමත එක ගැටීමය.

පසුගිය පස් වැනිදා සහ 6 වැනිදා හටගත් ප්‍රබල භූමි කම්පාවලින් පසු තුර්කිය සහ සිරියාව අතුරු භූ කම්පන 120 කින් කැලැඹී ගොස් ඇතැයි භූ විද්‍යාඥයෝ පවසති.

අවසන් වරට රික්ටර් පරිමාණයේ ඒකක 5.5 ක ප්‍රබලත්වයක් සටහන් කළ අතුරු භූ කම්පනයක් හටගත්තේය.

තුර්කියේ මරණ 6,500 සීමාව පසු කළ බවත් සිරියාවේ මරණ 3,000 සීමාවට ආසන්න වූ බවත් වාර්තා විය.

භූමි කම්පාවෙන් හානියට පත්වුණු පළාත්වල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් පියවර ගෙන ඇත. තුර්කි ජනාධිපතිවරයා භූමි කම්පාවෙන් හානියට පත් ප්‍රදේශවල සංචාරය කළ බව ද මාධ්‍ය වාර්තා පැවැසීය.

(අල් ජසීරා)


RECOMMEND POSTS