මිනිස් ජාවාරම්වලට මඩින්න කටයුකු කරලා



ඕමානය මිනිස් ජාවාරම තුරන් කිරීම සඳහා කැපී පෙනෙන කාර්යභාරයක් කරන රටවල් අතර සිටින බව වාර්තා වේ.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිකුත් කරනු ලබන වාර්ෂික වාර්තාවේ ඒ බව සඳහන් කර ඇත.

ජර්මනිය, පෝලන්තය, තුර්කිය, ඉතාලිය සහ ලැට්වියාව වැනි රටවල් සමඟ ඕමානය දෙවන මට්ටමේ ශ්‍රේණිගත කර ඇත.

මිනිස් ජාවාරම්වලට එරෙහිව සටන් කිරීමට දරන උත්සාහය අනුව වාර්තාව මට්ටම් හතරකින්රටවල් ඇගයීමට ලක් කර ඇත.

මට්ටම් හතරකින් ඇගයීමට ලක් කිරීමෙන් ඕමාන් රජය දරන උත්සාහයඉහළ යෑමක් පෙන්නුම් කරන බව ටයිම්ස් ඔෆ් ඕමාන් වාර්තා කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, වෙෂින්ටන් නුවර)

RECOMMEND POSTS