මිනිස් ජාවාරම් 9 ක් විභාගයට



කුවේට්යේ පුද්ගලයන් සහ සමාගම් ගණනාවක් මිනිස් ජාවාරම්වල නිරත වී ඇති බව වාර්තා වේ. 

මිනිස් ජාවාරම් නඩු නවයක් විභාගයට ගැනීමට අවශ්‍ය නීතිමය වැඩ කටයුතු අවසන් වී ඇති බව කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.

මිනිස් ජාවාරම් නඩු නවයට සම්බන්ධ පුද්ගලයන්ට සහ ආයතනයන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීම සඳහා කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සියළුම තොරතුරු රාජ්‍ය නඩු පැවරීමේ අධිකාරියට භාර දීමට කටයුතු කර ඇත.

ව්‍යාජ නේවාසික වීසා බලපත්‍රයක් ලබාදීමට ජාවාරම්කරුවන් කුවේට් ඩිනාර් 1500-2,000අතර මුදලක් ලබාගෙන ඇති බව පරීක්ෂණවලින් සොයාගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS