මිනිස් ජාවරම් සමාගම් තුනක්



කුවේටයේ සමාගම් තුනක් මිනිස් ජාවරම්වල යෙදීම හේතුවෙන් කුවේට් රාජ්‍ය නඩු පැවරීමේ අධිකාරිය නඩු පැවරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

කුවේට් රජය සමාගම්වලට ලබාදී ඇති සේවා ගිවිසුම්වලට මුවා වී මිනිස් ජාවාරම සිදුකර ඇති බව මුලික පරීක්ෂණවලින් අනාවරණය කරගැනීමට පොලීසිය සමත් වී ඇත. 

විදේශ ශ්‍රමිකයන් 1,500ක් වංචනික ආකාරයෙන් බඳවාගෙන ඇති අතර වැඩි වශයෙන් පකිස්තාන සහ බංගලිදේශ ජාතිකයන් බඳවාගෙන ඇත. 

විදේශ ශ්‍රමිකයන් නීති විරෝධි ආකාරයෙන් බඳවාගැනීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.

නීතිවිරෝධි විදේශ ශ්‍රමිකයන් කීපදෙනෙක් පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර කුවේට් ඩිනාර් 3,000ක දඩ මුදලක් එක් අයෙකුට ගෙවීමට සිදු වී ඇති බව වාර්තා වේ.

නිති විරෝධි ආකාරයෙන් රැඳී සිටින විදේශ ශ්‍රමිකයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් පොලීසිය දියත් කර ඇති බව වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක                                                                                           

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS