මැන්චෙස්ටර් දක්වා ඕමාන් ගුවන් ගමන්



2017 මැයි 01දින සිට මස්කට් නුවර සිට මැන්චෙස්ටර් දක්වා දිනපතා ගුවන් සේවයක් ආරම්භ කරන බව ඕමාන් ගුවන් සේවය නිවේදනය කර සිටියේය.

මැන්චෙස්ටර් දක්වා දිනපතා ගුවන් සේවයක් ආරම්භ කිරීම ඕමාන් ගුවන් ජාලයේ තවත් පුළුල් වීමක් ලෙස සැලකිය හැකිය.

මැන්චෙස්ටර් දිනපතා ගුවන් සේවයA330 -200 ගුවන්යානා යොදා ගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ලන්ඩන් හිත්‍රෝ ගුවන්තොටුපලේ සිට දිනපතා ගුවන් ගමන් දෙකට අමතරව මෙය ක්‍රියාත්මක වේ.

ලන්ඩන් නුවරින් පිටත ගුවන්තොටුපලකින් ඍජුව මස්කට් නුවර දක්වා පැමිණෙන පළමු ගුවන් සේවය මෙය වේ.

"එක්සත් රාජධානිය දක්වාඅපගේ ගුවන් සේවය තවත් ව්‍යාප්ත වීම ඇදහිය නොහැකි තරම්ආකර්ෂණීයයි,

අපගේ ගුවන් මගීන්ට අපහසුතාවයකින් තොරව ඍජුව මස්කට් නුවර දක්වා පැමිණීමට හැකියාව දැන් ලැබිලා තියනවා. එවගේම ඕමාන් එයාර් ගුවන් සමාගමට ගෝලීය ගුවන් ජාලය සමග සම්බන්ධ වීමට අවස්ථාව හිමිව ඇති බවයි“ඕමාන් එයාර් ගුවන්සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී,පෝල්ග්‍රේගර්විච්,  ප්‍රකාශ කලේය.

ජනක ප්‍රියදර්ශන ජයතිලක
ජී.ඩී.එන්. ඔස්ලයින් ඇසුරිනි


RECOMMEND POSTS