මැදිහත් වෙන්න ඉරානය කැමැත්තෙන්



තුර්කි රජය සහ කුර්දි සටන්කාමීන් අතර ගැටුම් සාමකාමීව විසඳා ගැනීමේදී මැදහත්කරුවකු වීමට තමන් කැමැති යැයි ඉරානය පවසා ඇත.

සිරියානු අර්බුදයේදී තුර්කිය සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට සහාය දෙන අතර, ඉරානය සහාය දෙන්නේ, ෂියා මුස්ලිම් ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයටය.

කුර්දි සටන්කාමීන් සිරියාවේ උතුරුදිග පළාත්වල කුර්දි වැසියන් වෙනුවෙන් වෙනම පාලන ප්‍රදේශයක් ඉල්ලයි. තුර්කිය සිරියාවේ අසල්වැසියාය. දේශසීමාවේ ක්‍රියාත්මක කුර්දි සටන්කාමීන් බෙදුම්වාදී ත්‍රස්තයන් යැයි තුර්කිය විසින්  හඳුන්වනු ලබයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS