මැදපෙරදිග සාමයට චීනය



ඊශ්‍රායල පලස්තීන මැදපෙරදිග අර්බුදය විසඳා ගැනීමට කටයුතු කරද්දී, මැදහත්කරුවකු ලෙස සාම සැලැසුම් ඉදිරිපත් කිරීම චීනයට පැවැරීමට තමන් සූදානම් බව පලස්තීන පාලන අධිකාරිය කියයි.

මේවනතුරු මැදපෙරදිග අර්බුදයේ සාම මැදහත්කරු ලෙස ක්‍රියා කළේ ඇමෙරිකාවය. කෙසේ නමුත් වත්මත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසලම යැයි නිල වශයෙන් නම් කිරීමත් සමඟ සාම කතා අර්බුදයකට ලක් විය.

මැදපෙරදිග සාම වැඩපිළිවෙළට ඇමෙරිකාව ළං කර ගැනීම පලස්තීන පාලන අධිකාරිය ප්‍රතික්ෂේප කරයි. ඒ වෙනුවට ඇමෙරිකාවට අභියෝගයක් වී ඇති චීනය ඊට සුදුස්සකු යැයි ඔවුන් යෝජනා කර තිබේ.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS