මැදපෙරදිග රටවල් 9 කට කොරෝනා
මැදපෙරදිග කලාපයේ කුවේටය, බහරේනය, ඉරාකය සහ ඕමානය ඇතුළු මැදපෙරදිග රටවල් නවයකට ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය පැතිර ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
කුවේටයෙන් හමුවූ කෝවිඞ් ආසාදිතයන් ගණන 3 කි. ඕමානයෙන් හමුවී ඇති ආසාදිතයන් ගණන 2 කි. බහරේනයෙන් සහ ඉරාකයෙන් එක් ආසාදිතයකු බැගින් හමුවී ඇත. මෙම ආසාදිතයන් සැවොම, ඉරාන ජාතිකයන් හෝ ඉරානයේ සිට පැමිණි වැසියන් යැයි ද පැවැසෙයි.
ජිනීවාහිදීය (රොයිටර්)