මැදපෙරදිග ත්‍රස්තවාදය අවසන් වෙන්නයි යන්නේ - ඉරාන ජනපති රොව්හානී කියයි



මැදපෙරදිග කලාපය අස්ථාවර කරන ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්තවාදය අවසන් වීමට ළඟ යැයි ෂියා මුස්ලිම් ඉරාන ජනාධිපති හසන් රොව්හානී පවසයි. 

ඉරාන ජනාධිපති මේ බව කියා සිටියේ එරට රූපවාහිනී පුවත් සේවයක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

ඉරාන ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ සිරියාවේත් ඉරාකයේත් ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන සුන්නි මුස්ලිම් අයි.එස්.අයි.එස් ඇතුළු ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගේ පසුබෑමක් පෙන්නුම් කිරීමත් සමඟය.

මේ වනවිට සිරියාවේ සටන් විරාමයක් ආරම්භ කිරීමට රුසියාවත් තුර්කියත් ඉදිරිපත්වී සිටී. එම සටන් විරාමය සාර්ථක වී ඇති බව ඉරාන ජනාධිපති කියයි. ෂියා මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉරානය සහාය දක්වන්නේ සිරියාවේ ෂියා මුස්ලිම් රජයටය.

 

(ප්‍රෙස් ටීවී ඇසුරිනි)


RECOMMEND POSTS