මැදපෙරදිග කොරෝනා මරණ 50,000 පනී



මැදපෙරදිග රටවල කොරෝනා වයිරස මරණ 50,000 පසු කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබේ.

මැදපෙරදිග රටවල් අතරින් වැඩිම කොරෝනා මරණ සහ ආසාදිතයන් වාර්තා වන්නේ ඉරානයෙනි. ඉරානයෙන් වාර්තා වන මරණ 22,000 කි. ඉරානයෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 3,80,000 පසු කර තිබේ. 3,28,000 ක් කොරෝනා ආසාදනය වී පූර්ණ සුවය ලබා සිටිති.

ඉරානයට පසු මැදපෙරදිග රටවල් අතරින්, කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේ සෞදි අරාබියෙනි. සෞදි අරාබියෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 3,18,319 කි. මරණ වාර්තා වන්නේ 3,982 ක් ලෙසය.

මේ අතර, මේ වනවිට ලොව සමස්ත කොරෝනා ආසාදිතයන් 26,500,000 පසු කළේය. මරණ 8,80,00 පසු කළේය. තවමත් වැඩිම කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. දෙවැනි ස්ථානයේ ඇත්තේ බ්‍රසීලයයි.

(රොයිටර්)


RECOMMEND POSTS