මැද පෙරදිග යළි යුද්ධයක් ජගත් සංවිධානය අනතුරු අගවයි



ඊශ්‍රායල රජය සහ හමුදාව දිගින් දිගටම ගාසා තීරයේ පලස්තීනුවන්ට කරන කෙණෙහිලිකම් මුල්කොට ගනිමින්, පලස්තීන පාලන අධිකාරියක් ඊශ්‍රායලයත් අතර නව යුද්ධයක් නිර්මාණය වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි.

මෙම අනතුරු ඇඟවීම කර ඇත්තේ මැදපෙරදිග සාමය සම්බන්ධයෙන් කටයුතු කරන එක්සත් ජාතීන්ගේ නියෝජිත නිකොලේ ම්ලෙඩෙනෝව්ය.

ගාසා වෙරළ තීරය ඊශ්‍රායලය විසින් අත්පත් කර ගනු ලැබුවේ 2007 වසරේදීය. එදා සිට අවස්ථා තුනකදී පලස්තීන විරෝධය හේතුවෙන් ඊශ්‍රායලයත් පලස්තීනයත් අතර යුද ගැටුම් තුනක් සිදුවිය. 

අවසන් වරට යුද ගැටුමක් පැවැතියේ 2014 වසරේදීය. එම යුද ගැටුම් අවසන් වෙද්දී පලස්තීනුවෝ 2,200 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ඒ අතර කුඩා දරුවෝ 577 ක් වෙති. තුවාල ලැබූ පලස්තීනුවන් ගණන 11,100 කි. පලස්තීන ප්‍රහාරවලින් මියගියේ ඊශ්‍රායලයේ සොල්දාදුවන් දෙදෙනකු පමණි.


RECOMMEND POSTS