මාළු සහ මස් වෙළඳසැල් වසයි



කුවේටයේ සියළුම මාළු සහ මස් වෙළඳසැල් වසාදමන ලෙස නියෝග කර ඇති බව වාර්තා වේ.

සමුපකාර සමිති, සුපිරි වෙළඳසැල්, අවන්හල්, හෝටල් සහ සිල්ලරවෙළෙන්දන්ට පමණක් මාළු සහ මස් විකිණිමට අවසර ලබාදෙන බව නාගරික අධ්‍යක්ෂ ජෙනරාල් අහමඩ් අල් මන්ෆවුහිපැවසීය.

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමේ අරමුණින් අදාල නියෝගය නිකුත් කිරීමට නාගරික අධ්‍යක්ෂ ජෙනරාල් කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS