මාස දෙකට අපරාධ 600 ක්



කුවේටය තුල අපරාධ හයසීයයක් පසුගිය මාස දෙකක (ජන:පෙබ) ඇතුලත වාර්තා වී ඇති බව කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිතුක් කරමින් සඳහන් කළේය.

මංකොල්ලකෑම්දෙසිය විස්සක් සහ සුළු අපරාධ තුන්සිය අසූවක් වාර්තා වුණු බවත් දිනකට අපරාධ දහයක් සිදුවන බව කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

පසුගිය මාස දෙක ඇතුලතමෝටර්රථ පනහක් සොරකම් කර ඇති අතර නිවාසහැට පහක් මංකොල්ලකා ඇත.

අපරාධ ඉහළයෑම හේතුවෙන් පොලිස් මුර සංචාරයන් වැඩි කිරීමට කුවේට් පොලීසිය පියවර ගෙන ඇත.

සොරාගන්නා මෝටර් රථ නීතිවිරෝධි ආකාරයෙන් කුවේටයෙන් පිට කරන බවත් කොටස් වශයෙන් කුවේටය තුලම විකිණීමට මංකොල්ලකරුවන් කටයුතු කරන බව පොලීසිය ප්‍රකාශ කළේය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS