මාස 6 වඩා ඉන්න බෑ: කුවේටය කියයි



කුවේට් විදේශ ශ්‍රමිකයින්ට මාස හයකට වැඩි කාලයක් විදේශ ගතව සිටිය නොහැකි බව වාර්තා වේ.

මාස හයකට වැඩි කාලයක් විදේශගතව සිටීම තහනම් බවත්, විදේශ ගත වී සිටින පෞද්ගලික අංශයේ විදේශිකයන්ගේ නේවාසික බලපත්‍ර අවලංගු කිරීමට කටයුතු කරන බව කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.

මානුෂීය හේතූන්සලකා බලා මාස හයකට වැඩි කාලයක් රැඳී සිටීමට අවස්ථාව ලබාදෙන අතර, ඔවුන්ගේ ඉකාමා අන්තර්ජාලය හරහා අලුත් කිරීමට සහ විවෘත කාල සීමාවක් සඳහා රටෙන් (කුවේටයෙන්) පිටත රැඳී සිටීමට ඉඩ ලබා දී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
‍(GDN Online -කුවේට් නගරය)

RECOMMEND POSTS