මාරක රිය අනතුරකින් 5ක් මරුට



ඕමානයේ සිදු වු මාරක රිය අනතුරකින් පුද්ගලයන් පස්දෙනෙක් ජිවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.

සුවයික් නගරයේ විලායට් ප්‍රදේශයේ මාරක රිය අනතුර සිදු වී ඇති අතර අනතුර සම්බන්ධයෙන් ඕමාන් රාජකීය පොලීසිය පරික්ෂණයක් ආරම්භ කර ඇත.

ඕමාන් ජාතිකයන් දෙදෙනෙක් සහ ආසියාතිකයන් තිදෙනෙක් කුලීරථයකින් ගමන් කරමින් සිටියදි සුවයික් වටරවුම අසලදි ට්‍රක් රථයක ගැටී ඇත.

පුද්ගලයන් හත්දෙනොමඅනතුර සිදු වු ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වු බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS