මානුෂීය නගරයක්



එක්සත් අරාබි එමිරේට්ස් වෛද්‍යවරුන් අන්තර්ජාලය හරහා ලොව ප්‍රථම මානුෂීය නගරය නිර්මාණය කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ජංගම දුරකථන තාක්ෂණය භාවිතයෙන් සමාජ ගැටළු වලට විසඳුම් ලබාදීම, ජාත්‍යන්තර මානුෂීය කටයුතුවලට දායකත්වය ලබාදීම, නවෝත්පාදන පරිසරයක් නිර්මාණය කිරීම, මානව සම්පත් කළමණාකරණය, දරිද්‍රතාවය පිටුදැකීම, වෛද්‍ය ගැටළු සාකච්ඡා කිරීම, දැණුම හුවමාරු කිරීම, දේශපාලනය, මනෝවිද්‍යාව, දර්ශනයසහ මානුෂීය ක්‍රියාකාරකම් කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදීම “සයිඩ්මානුෂීය නගර’’ව්‍යාපෘතියට අනුව ක්‍රියාත්මක වේ.

වෛද්‍යවරුන් ක්‍රියාත්ම කරනු ලබන ව්‍යාපෘතිය මිලියන දහයකට වඩා වැඩි අසරණ දරුවන් සහ වැඩිහිටි ජනතාව වෙනුවෙන් පසුගිය වසර දාහතක කාලය තුල සිදු කල මානුෂීය වැඩසටහන්වල නවෝත්පාදක මුලපිරිමක් බව වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS