මානුෂීය ආධාර නැව් දෙකක් සිරියාවට



සිරියාවේ ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් මානුෂීය ආධාර රැගත් රුසියානු නැව් දෙකක් එරට ටාටස් වරායට සේන්දු වී ඇතැයි ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් සේවය කියයි.

සිරියාවට රුසියාවෙන් ලැබුණු විශාලතම මානුෂීය ආධාර තොගය මෙය යැයි ද වාර්තා වේ. ටොන් 10,000 ක් බර එම ආධාර තොගයට වැඩිපුර ඇතුළත් වන්නේ ආහාර ද්‍රව්‍ය යැයි ද පැවැසෙයි.

‘ස්පාටා 1’ සහ ‘ස්පාටා 2’ යනුවෙන් නම් කර ඇති මෙම රුසියානු නැව් දෙක වරායට පිවිසි බවත් ලැබුණු මානුෂීය ආධාර වහාම ක්‍රමාණුකූලව ජනතාව අතරේ බෙදා දීමට කටයුතු කරන බවත් ටාටස් පුරපති හයිඩර් මුර්හේජ් පවසා ඇත.

එමෙන්ම, මානුෂීය ආධාර එවීමට පියවර ගැනීම සම්බන්ධයෙන් සිරියානු රජය වෙනුවෙන් පුරපතිවරයා රුසියාවට ස්තුති කළේය.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS