මානසික රෝගීන් 60,000 ක්



කුවේටයේ මානසික රෝගීන්ගේ සංඛ්‍යාව හැටදහසේ (60,000) සීමාවට පැමිණ ඇති බව මානසික සෞඛ්‍ය පිළිබඳ මධ්‍යස්ථානය නිවේදනය කළේය.

මානසික රෝගීන්ගේ ලිපිගොනු හැටදහසේ සීමාව ආසන්නයට පැමිණ ඇති බවත්දැනට 35,000ක් ප්‍රතිකාර ලබාගන්නා බව මානසික සෞඛ්‍ය පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, වෛද්‍ය නයිෆ් අල්-හාබි ප්‍රකාශ කළේය.

ලෝකමානසික සෞඛ්‍ය දිනය සැමරීම නිමිත්තෙන් පැවති මාධ්‍ය හමුවකදී අධ්‍යක්ෂවරයා තොරතුරු හෙළි කළේය.

වාර්ෂිකව 87,000ක් පමණ මධ්‍යස්ථානයට පැමිණෙන බවත් 2017 ඔක්තෝබර් මාසයේ සිට 2018 ඔක්තෝබර් මාසය දක්වා කාලය තුල 87,122ක් පැමිණි බවත් 66,855ක් කුවේට් ජාතිකයන් බවත් කුවේට් නොවන පුද්ගලයින් 20,267ක් මානසික සෞඛ්‍ය පිළිබඳ මධ්‍යස්ථානයට පැමිණි බව කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ළමා රෝග හා ළමා මනෝවිද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය, බිබී අල්-ඕමයිරි ප්‍රකාශ කළාය.

ජානක ප්‍රියදර්හන ජයතිලක

(අරාබ්ටයිම්ස්ඔන්ලයින්)


RECOMMEND POSTS