මානව හිමිකම් කඩනවැයි චෝදනා



කටාර් අර්බුදය මුල්කොට ගනිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය මානව හිමිකම් උල්ලංඝනය කරනවා යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු චෝදනා කරයි.

කටාර් රාජ්‍යය හුදෙකලා කිරීමට බහරේනය සහ එක්සත් අරාබි එමීරය පියවර ගෙන ඇත. ඒ,  කටාරය ත්‍රස්තවාදයට උඩගෙඩි දෙනවා යැයි චෝදනා නගමිනි.

කටාරය මෙසේ හුදෙකලා කිරීම සම්බන්ධයෙන් අනුකම්පාසහතව අදහස් ඉදිරිපත් කළ වැසියන් අත්අඩංගුවට ගෙන සිරභාරයට පත් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය පියවර ගෙන ඇත.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS