මාධ්‍යවේදීන් 7 ක් අත්අඩංගුවට



ඊශ්‍රායල ආරක්ෂක අංශ පසුගිය ජූලි 30 වැනිදා සිට දක්වා ගත වූ කාලයේ දී ආසන්න වශයෙන් පලස්තීන මාධ්‍යවේදීන් හත් දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි මිඞ්ල් ඊස්ට් අයි පුවත් සේවය වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් දෙස් විදෙස් මාධ්‍යවේදීන්, මාධ්‍ය හා මානව හිමිකම් සංවිධාන බොහෝමයක් තම අප්‍රසාදය, කනගාටුව හා විරෝධය පළ කර තිබෙන අතර එම අත්අඩංගුවට ගැනීම් බොහෝමයක් දේශපාලන වුවමනා මත සිදු වූ බව ද ප්‍රකාශ කර ඇත.

අත්අඩංගුවට ගෙන ඇති කිසිදු මාධ්‍යවේදියකුට චෝදනා එල්ල කර නොමැති අතර ඔවුන් වරදක් කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් චෝදනා ගොනු කර අදාළ නීතිමය පියවර ගන්නැයි ද එසේ නොමැති නම් ඔවුන් නිදහස් කරන්නැයි ද එම සංවිධාන ඊශ්‍රාලය රජයට අවධාරණය කරයි.

“පසුගිය සතියේදී ඊශ්‍රායල ආරක්ෂක අංශ මාධ්‍යවේදීන්ගේ හත් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන්ට එරෙහිව තිබෙන චෝදනා මොනවාදැයි අනාවරණය කරන්නැයි අපි ඊශ්‍රායල බලධාරීන්ට අවධාරණය කරනවා. එසේ චෝදනා තිබෙනවා නම් ඒවා මොනවාදැයි අනාවරණය ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා. රසේ නැතිනම් ඔවුන් නිදහස් කරන්න. ඔවුන්ට නිදහසේ ඔවුන්ගේ රාජකාරිය කරන්නට ඉඩ දෙන්න” යැයි ඇමෙරිකා එක්සත් ජනපදය පදනම් කරගනිමින් ක්‍රියාත්මක ‘ජනමාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම සඳහා වූ කමිටුව (සී.පී.ජේ)’ හී මැද පෙරදිග සහ උතුරු අප්‍රිකාව සඳහා වූ වැඩසටහන් සම්බන්ධීකාරක ෂෙරීෆ් මන්සූර් සඳහන් කළේය.

හර්ෂණ තුෂාර සිල්වා

එම්.ඊ.ඊ


RECOMMEND POSTS