මහා මොළකරු අල්ලයි



පලස්තීන අගමැතිවරයාව ගාසා තීරයේදී ඝාතනය කිරීමටකරන ලද උත්සහයේ මහා මොළකරු ලෙස සැලකෙන පුද්ගලයාව අත්අඩංගුවට ගත් බව පලස්තීන ආරක්ෂක අංශ ප්‍රකාශ කළේය.

අගමැතිවරයාව ඝාතනය කිරීමට උත්සහ කළ අවස්ථාවේදි ආරක්ෂක අංශ තබන ලද වෙඩි ප්‍රහාරයන් හේතුවෙන් තුවාල ලබා ඇති අතර පසුව සිදුකරන ලද විමර්ශනවලින් හඳුනාගැනීමට ආරක්ෂක අංශවලට හැකි වී ඇත.

වෙඩි වැදීමෙන් ආරක්ෂක අංශ නිලධාරියෙක් ජිවිතක්ෂයට පත් ව ඇති අතර ප්‍රහාරය සඳහා පැමිණි අනිත් පුද්ගලයින් දෙදෙනාද අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS