මහලේකම් සෞදි රජු හමුවෙයි



සෞදි රජු එක්සත් ජාතීන්ගේ මහලේකම්, ඇන්ටෝනියෝ ගුටෙර්ස්ව අල්-යමාමා මාළිගාවේදි ඉතා උණුසුම් ආකාරයෙන් පිළිගත් බව වාර්තා වේ.

යේමන යුද්ධයෙන් අනාථ වී සිටින සාමාන්‍ය ජනතාවට සෞදි රජු දක්වන ආධාර සහ උපකාර සම්බන්ධයෙන් මහා ලේකම්වරයාගේ පැසසුමට ලක් වු බව වාර්තා වේ.

අන්තර්ජාතික ආරක්ෂාව සහ ස්ථාවරත්වය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය දක්වන දායකත්වය පිළිබඳව සිය ස්තූතිය සෞදි රජු මහා ලේකම්වරයාට ප්‍රකාශ කර ඇත. 

එක්සත්ජාතීන්ගේ මහා ලේකම්වරයා පිළිගැනීමේ අවස්ථාවට ඉහළ පෙළේ අමාත්‍යවරුන් කීපදෙනෙක් සහභාගි වී සිටි බව වාර්තා වේ.

ජානක ප්‍රියර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS