මහත්මා ගාන්ධි සමරු මුද්දරයක්



එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔක්තෝබර් 02 වන දිනට යෙදෙන මහත්මා ගාන්ධිගේ 150 වැනි ජන්ම දිනය සමරන බව වාර්තා වේ.

මහත්මා ගාන්ධිට දක්වන ගෞරවයක් ලෙස සමරු මුද්දරයක් නිකුත් කිරිමට එමීරේට්ස් තැපැල් අධිකාරියකටයුතු කර ඇත.

ඉන්දියානු නිදහස් සටනට නායකත්වය දෙමින් අවිහිංසාවාදී තුලින් ඉන්දියාවට නිදහස ලබාදීමට මහත්මා ගාන්ධි විශාල කාර්යභාරයක් ඉටුකළේ ය.

ජාතිය සහ ආගම නොසලකමින්නිදහස් ඉන්දියවක් නිර්මාණය කිරීමට දරන ලද උත්සාහය ලෝකවාසි සියළු දෙනාගේ ගෞරවාදරයට පාත්‍ර විය.

සමරු මුද්දර හයදහසක් මුද්‍රණය කර ඇති අතරප්‍රධාන තැපැල් කාර්යාලයවලින් ලබා ගත හැකි බවඑමිරේට්ස් තැපැල් සමූහයේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී, අබ්දුල්ලා අලශ්‍රම් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිල
(ජි.ඩි.එන් ඔන්ලයින්, බුඩායි නුවර)

RECOMMEND POSTS