මහජන රැස්වීම් තහනම් කරයි



ඉරාකයේ සියළුම මහජන රැස්වීම් තහනම් කරමින් නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමේ ආරක්ෂිත පියවරක් ලෙස අදාල නියෝගය නිකුත් කර ඇත.

ඉරාක රජය නිකුත් කළ නියෝගය මඟින්පූජනීය නගර සහ ස්ථාන නැරඹීමෙන් වළකින ලෙස ඉරාක පුරවැසියන්ගෙන් ඉල්ලා ඇත.

ඉරානය,චීනය,දකුණු කොරියාව,ඉතාලිය,ජපානය,තායිලන්තය,සිංගප්පූරුව,කුවේට් සහ බහරේන් යන රටවලින් පැමිණෙන ඉරාක ජාතිකයින්ට දින 14 ක් ස්වයං නිරෝධායනය සඳහා නිවසේ රැඳී සිටින ලෙස බලධාරීන් ඉල්ලා ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, බැග්ඩෑඩ් නුවර)

RECOMMEND POSTS