මවු බිමට ගෙන්වා ගන්නයි ඇවිටිලි



කොවිඩ් 19 හෙවත් නව කොරෝන වයිරස් ආසාදනය මේ වන විට ලක්ෂය ඉක්මවා ගොස් ඇති බව සෞදි සෞඛ්‍ය අමාත්‍යාංශය උපුටා දක්වමින් සෞදි ඒජන්සි පුවත් වාර්තා කරයි.

පසුගිය පැය 24 ක කාලය තුල පමණක්  මිය ගිය සංඛ්‍යාව 35 දක්වා ඉහල ගොස් ඇති අතර එම කාලය තුල නව ආසාදිතයින් තුන් දදහස ඉක්මවා ඇති බවත් සුවය ලැබූ ගණන දහස ඉක්මවා ඇති බවත්පුවත්පත් වාර්තා කරයි.

විශේෂයෙන්ම ප්‍රධාන නගර ලෙස හදුන්වන රියාද් ප්‍රදේශයෙන් 900 ක් ද ජෙද්ද 575 ක්ද මක්ක 279 ක්ද මදිනා 170 ක් දමාම් 149 ක්ද හපුප් 144 ක් ද කතිප් 121 ක් ලෙසද නව ආසාදිතයින් එක දිනක් තුලදී වාර්තා වන අතර අනිකුත් ප්‍රදේශ වල සියයට අඩු ප්‍රමාණයකින් වාර්තා වන බවද මාධ්‍ය සදහන් කරයි.

මේ පිලිබදව අදහස් දක්වන සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරනුයේ සියලුම පුරවැසියන් කොවිඩ් 19 අවම කිරීම සදහා තම කැපවීම සහ දායකත්වය ලබා දෙන ලෙසත් ජාත්‍යන්තර කොරෝනා නීති නිසි ලෙස පිළිපදින ලෙසත්ය.

මෙතෙක් මුහුණු ආවරණය නොකරන පුරවැසියන් වෙනුවෙන් හෝඑම නිතිය කඩ කරන ඕනෑම පුත්ගලයෙකු සදහා පනවා තිබු සෞදි රියාල් දහසේ දඩ මුදල වෙනුවට රටින් පිටුවහල් කිරීම සහ වසර කිහිපයක් සිර දඩුවම් ලබා දීමට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නව නීති පනවා ඇති අතර කිසියම් හෝ ආයතනයක හෝ කාර්යාලයක මුඛ ආවරණ නිතිය උල්ලංගනය කරන පුත්ගලයින් සදහා සෞදි රියාල් දස දහසේ සිට දඩ මුදලක්ද නැවත නැවතත් උල්ලංගනය කිරීමේදී ආයතනය හෝ සේවා ස්ථානය මුද්‍රා තබා වසර කිහිපයක් සිර දඩුවම් ලබා දීමටත්  කටයුතු කරන බවද වාර්තා සදහන් කරයි.

කෙසේ වුවද මේ වන විට සෞදි අරාබියේ කොවිඩ් 19 ආසාදිතයින්ගේ ගණන සහ මිය යන්නන්ගේ සංඛ්‍යාව ඉතා සීග්‍රයෙන් ඉහල යාම තුලින් සෞදි අරාබියේ වෙසෙන විදේශිකයින් ඉතාම අවධානම් තත්වයක පසු වන බැවින් ඉන්දියාව,පාකිස්තානය,පිලිපීනය ඇතුළු රටවල් කිහිපකක්ම තම රටේ පුරවැසියන් මවු බිමට රැගෙන යාම සදහා විශේෂ ගුවන් යානා කිහිපයක්ම මේ වන විටත් යොදවා තිබෙන බවද වාර්තාවේ.

විශේෂයෙන්ම පවතින වාතාවරණය හමුවේ අවධානමට ලක්ව ශ්‍රී ලංකාවට යාමට නොහැකිව සිටින ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් මේ වන විටත් ඉතාම අසරණව සිටින අතර ඔවුන් මවු බිමට ගෙන්වා ගැනීම සදහා ශ්‍රී ලංකා රජයේ බලවත් අවධානය යොමු කරන ලෙසද ඉල්ලා සිටි.

මේ අතර සෞදි අරාබියානු ගුවන් සේවය ලබන මස මුල් කාර්තුවේ තම ජාත්‍යන්තර ගුවන් සේවාවන් ඇරබීම කෙරෙහි අවදානය යොමු කර ඇති බවද වාර්තාවේ.

මුහුණු ආවරණය සහ දුරස්ථ භාවය සමගින් තම ආරක්ෂාව සපයා ගන්න - STAY HOME

ලලිත් ප්‍රේමලාල්
සෞදි අරාබිය

RECOMMEND POSTS