මව්වරු 309 කට පුරවැසිභාවය



46 වැනි එමිරේට්ස් ජාතික දිනය සංකේතවත් කිරීමේ අරමුණින් එක්සත් අරාබි එමිරේට්හි උපත ලැබු දරුවන් 309කගේ මව්වරුන්ට පුරවැසිභාවය ලබාදීමට ජනාධිපති, ෂයික් කලිෆා බින් සයිඩ් අල්නාහියන් නියෝග කර ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරයාගේ නියෝග මත පුරවැසිභාවය ලබාදීම සඳහා අවශ්‍ය කරුණු අධ්‍යයනය කිරීම සදහා අභ්‍යන්තර කටයුතු අමාතයාංශය කමිටුවක් පත් කළ අතර කමිටුවේ උපදෙස් මත පුරවැසිභාවය ලබාගැනීමට ඉල්ලුම්පත් ඉදිරිපත් කල මව්වරුන්ට අනුමැතිය ලබාදීමට අමාත්‍යාංශය කටයුතු කර ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS