මවක් සහ දරුවෝ ගින්නට බිලි



කුවේට් රාජ්‍යයේ අල්-සල්මියා දිස්ත්‍රිකයේ ජීවත් වු අසියාතික පවුලකට අයත් මවක් සහ දරුවන් හතර දෙනෙකු නිවස ගිනිගැනීම හේතුවෙන් ජීවිතක්ෂයට පත් වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

වයස අවුරුදු 35ක් වු මව සහ 14වයසේ දරුවන් දෙදෙනෙකු සහ 12, 10 යන වයස් වල දරුවන් දෙදෙනෙකු අධික ලෙස දුම් ආග්‍රාහණය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත් වී ඇත.

මුබාරක් සහ අමීර් යන රෝහල් වල වෛද්‍ය කණ්ඩායම් පැමිණ අධික ලෙස දුම් ආග්‍රාහණය වී සිටි මව සහ දරුවන් හතර දෙනා බේරාගැනීමට කටයුතු කලත් ඔවුන්ගේ උත්සහයන් ව්‍යර්ථ කරමින් ජිවිතක්ෂයට පත් වී ඇත.

මහල් සංකීර්ණයේ 4වැනි සහ 5වැනි මහල් වල සිදුවු විදුලි කාණ්දු වීමක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බව වාර්තා වන අතර සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් මේ වනවිටත් ආරම්භ කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS