මරාගෙන මැරෙන බෝම්බයෙන් 10 ක් මරුට



ඊජිප්තුවේ ඊසාන දිග සිනායි අර්ධද්වීපයේ හමුදා මුරපොලක් වෙත එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් ඊජිප්තු හමුදාවේ උසස්  නිලධාරියකු ඇතුළුව හමුදා නිලධාරීන් දහ දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර  අවම වශයෙන් හමුදා නිලධාරීන් විසි දෙනෙකුවත් තුවාල ලබන්ට ඇති බව වාර්තා වේ.

ඊජිප්තු විශේෂ කාර්ය බළකායේ ඉහල පෙලේ හමුදා නිලධාරියකු වු කර්නල්,අහමඩ් අල් මෑන්සිප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.

පුපුරණ ද්‍රව්‍ය පුරවා ගත් කාරයක් හමුදා මුරපොල දෙසට වේගයෙන් පැමිණි අතර මුරපොලේ සිටි හමුදා සෙබලුන් ප්‍රතිප්‍රහාර එල්ල කල අතර සියළුම වෙඩි ප්‍රහාරයන් බිද දමමින් කාරය හමුදා කඳවුර තුලට ධාවනය කර පුපුරවා හැරීමට ත්‍රස්තවාදියා සමත් වී ඇති බව වාර්තා වේ. 

ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර ප්‍රහාරයේ වගකීම කිසිවෙකුත් භාරගෙන නොමැති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)              


RECOMMEND POSTS