මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් 23 ක් මරුට



දකුණු දිග සිරියාවේ ජෝර්දාන් දේශසිමා ආසන්නයේ පසුගිය සිකුරාදා එල්ල කරන ලද  මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින්අවම වශයෙන් ත්‍රස්තවාදීන් විසිතුන්දෙනෙකුවත් ජීවිතක්ෂයට පත් වී සැලකිය යුතු ත්‍රස්තවාදීන් සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව සිරියාවේ සිටින යුද නිරීක්ෂක කණ්ඩායමක් ප්‍රකාශ කළේය. 

මියගිය ත්‍රස්තයින් ජයිෂ් අල්-ඉස්ලාම් කණ්ඩායමේ සාමාජිකයින් බවත් ප්‍රහාරය හේතුවෙන් 20කට අධික සාමාජිකයින් පිරිසක් ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව මානව හිමිකම් සඳහා වන සිරියානු නිරීක්ෂක කණ්ඩායමේ ප්‍රධානි, රාමි අබ්දෙල් රහමන් ප්‍රකාශ කළේය.

මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයක් මේ වනවිටත් වගකීම භාරගෙන නොමැති බව වාර්තාවේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS