මරණයට රජය වගකියන්න ඕනෑ



ඊජිප්තුවේ හිටපු ජනාධිපති මොහොමද් මොර්සි අධිකරණයේ දී ඇද වැටී පසුව මියයෑම සම්බන්ධයෙන් වත්මන් ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සීසීගේ රජය වගකිව යුතු යැයි එක්සත් ජාතීන්ගේ විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් චෝදනා කරයි.

මොහොමද් මොර්සි මියගියේ පසුගිය ජූනි මාසයේය. බන්ධනාගාරයේ දී ඔහුට දරුණු ලෙස වධ හිංසා පමුණුවා ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

එක්සත් ජාතීන්ගේ විශේෂ පරීක්ෂණ මණ්ඩලය සිය වාර්තාවේ සඳහන් කර ඇත්තේ වත්මන් ඊජිප්තු රජය අල් සීසීගේ මරණයට වගකිව යුතු බවත් අල් සීසී මරාදමන තත්ත්වයට ඔවුන් අවශ්‍ය පරිසරය සකස් කර දුන් බවත්ය.

(අල් ජසීරා)


RECOMMEND POSTS