මරණ දණ්ඩනයෙන් 5,000 ක් නිදහස්



ඉරාන රජය නීති විශාරදයින්ගේ උපදෙස් මත මත්ද්‍රව්‍ය නීති වෙනස් කිරිමට තීරණය කර ඇති අතර හඳුන්වාදීමට නියමිත නව තීතිවලට අනුව මත්ද්‍රව්‍ය වැරදිවලට මරණ දණ්ඩනයට නියමව සිටින පුද්ගලයින් 5,000කට අධික සංඛ්‍යාවකට නිදහස්වීමට අවස්ථාව හිමිවන වන බව ඉන්ඩිපෙන්ඩන්ට් වෙබ් අඩවිය වාර්තා කළේය.

නව නීති අනුව ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය සහ අවි ජාවාරම්කරුවන්ට මෙන්ම අබිං කිලෝග්‍රෑම් 50කට සහ හෙරෝයින් කිලෝග්‍රෑම්02කට වඩා ලඟ තබාගත් පුද්ගලයින්ට මරණ දණ්ඩනයෙන් නිදහස් වීමට නියමිතව ඇත.   

නීති වෙනස් කිරීම තුලින් දහස් ගණන් ජනතාවගේ ජිවිත ආරක්ෂා කරගැනීමට හැකිවන බවත් යම් පිළිගත් ක්‍රමවේදයකට අනුව වැරදිකරන පුද්ගලයින්ට දඩුවම් ලබාදිය යුතු බව මරණ දණ්ඩනය පිටුදැකීමේ සුභසාධක අධ්‍යක්ෂිකා, මායා ෆෝවා ප්‍රකාශ කළේය.  

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ඉන්ඩිපෙන්ඩන්ට් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS