මරණ දණ්ඩනය නියමවු පුද්ගලයින් හත් දෙනෙකු එල්ලා මරයි



මරණ දණ්ඩනයට නියමවු පුද්ගලයින් හත් දෙනෙකු පසුගියදා කුවේට් මධ්‍යම බන්ධනාගරයේදි එල්ලා මරා දැමු බව  අල්-රායි පුවත්පත වාර්තා කලේය. 

මෙසේ මරාදමන ලද්දේ මිනීමැරුම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධව මරණ දණ්ඩනය හිමිවු පුද්ගලයන්ය. 
ෂයික් බාසල් අල්-සබා ඝාතනය කිරීමට මරණ දඩුවම හිමිවූ පාලක පවුලේ  සාමාජිකයෙකු වන කුවේට් ජාතික ෂයික් ෆයිසාල් අල්-සභාද වන බව වාර්තා වේ. 

අල්-ඕයාන් ප්‍රෙද්ශයේ පැවැති විවාහ මංගල උත්සවක කුඩාරමකට ගිනිතැබීම නිසා පුද්ගලයින් 59 දෙනෙකු මියයෑමේ සිද්ධියට වරදකරු වු කුවේට් ජාතික කාන්තාවක් වන නුස්රා අල්-එන්සි ද මෙම මරාදමන ලද ලයිස්තුවට ඇතුලත් වේ. 

බංගලිදේශ ජාතිකයෙක්, ඊජිප්තු ජාතිකයින් දෙදෙනෙක්, පිලිපීන ජාතිකයෙක් සහ ඉතියෝපියානු ජාතික කාන්තාවක් මරාදමන ලද පුද්ගලයින් ලයිස්තුවට ඇතුලත් වේ.

 

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS