මන්ත්‍රීවරුන් 5 කට කොරෝනා



කුවේට් මන්ත්‍රීවරුන් පස්දෙනෙක්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

අවම වශයෙන් මන්ත්‍රීවරුන් පස්දෙනෙකුටවත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවත්, සියලුම මන්ත්‍රීවරුන් මෙතෙක් කොරෝනා පරීක්ෂණවලට භාජනය කර නොමැති බව ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමින් කුවේට් කථානයක, මර්සූක් අල්-ගනීම් සඳහන් කර ඇත.

අනිකුත් මන්ත්‍රීවරුන්ට වෛරසය ආසාදනය වීම වැළැක්වීම සඳහා පාර්ලිමේන්තු සැසිවාරය සතියකට කල් දැමු බව කථනායකවරයා නිකුත් කළ ටිවිටර් පණිවිඩයේ සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS