මත්පැන් බෝතල්වල ගාන්ධිතුමන්ගේ රූපය



ඊශ්‍රායල මත්පැන් නිෂ්පාදන සමාගමක් ඔවුන්ගේ මත්පැන් බෝතල්වලට මහත්මා ගාන්ධිතුමන්ගේ රූපය භාවිත කිරීම සම්බන්ධයෙන් ඉන්දීය රාජ්‍ය සභා මන්ත්‍රීවවරුන්ගේ දැඩි විරෝධයක් එල්ල වී ඇත.

රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරුන් මේ සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජයිශංකර් දැනුවත් කර ඇත.

විදේශ කටයුතු ඇමති එස්. ජයිශංකර් පවසා ඇත්තේ තමන් මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන බවත්, ගාන්ධි තුමන්ගේ රූපය වහා එම මත්පැන් බෝතල්වලින් ඉවත් කිරීමට අදාල ඊශ්‍රායල සමාගමට බලපෑම් කිරීමට තමන් පියවර ගන්නා බවත් ඉන්දීය විදේශ කටයුතු ඇමැතිවරයා පවසා ඇත.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS