මත්පැන් බෝතල් 4,608ක් අල්ලයි



කුවේටයේ අල්-ෂුවෙයික් වරාය හරහා කුවේයට රැගෙන යෑමට උත්සහ කළ විශාල මත්පැන් බෝතල් තොගයක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ආසියානු රටකින් පැමිණි බහාලුමක්(කන්ටේනරයක්) පරීක්ෂා කරන ලෙස අල්-ෂුවෙයික් වරාය අධ්‍යක්ෂ, සාලේ අල්-හර්බි නියෝග කිරීමෙන් පසු, ඔලිව් තෙල් අඩංගු පෙට්ටි 384 ක සඟවා තිබු මත්පැන් බෝතල් 4,608 සොයා ගෙන තිබේ.

ඔලිව් තෙල් අඩංගු පෙට්ටි භාරගැනීමට මෙතෙක් කිසිවෙක් ඉදිරිපත් වී නොමැති බව සාලේ අල්-හර්බි ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS