මත්පැන් බෝතල් 19,000ක් අත්අඩංගුවට



කුවේට් රේගු නිළධාරීන් විසින් නිතී විරෝධි ලෙස සෞදි අරාබියට රැගෙන යෑමට උත්සහ කල මත්පැන් බෝතල් 19,000ක් කිංග් පහද් පාලම මතදී අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය.

සෞදි අරාබිය දෙසට ගමන්කරමින් තිබු ට්‍රක් රථයක් රේගු නිළධාරීන් විසින් පරීක්ෂා කල අවස්ථාවේදි කාඩ්බෝඩ් පෙට්ටි තුල සගවා තිබූ මත්පැන් බෝතල් තොගය සොයාගැනීමට හැකිවු බව කිංග් පහද් රේගු අධ්‍යක්ෂ ජෙනරාල්, ෆහද් දයිෆල්ලාහ් අල්- ඔටයිබි ප්‍රකාශ කල බව වෙබ් අඩවිය සදහන් කර ඇත. 

නීතිමය පියවර ගැනීම සදහා අදාල අංශ වෙත ජාවාරම්කරුවන් භාරදුන් බව රේගු අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සදහන් කර ඇත.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

 


RECOMMEND POSTS