මත්පැන් අර්බුදයක්



අසල්වැසි රටවල් පනවා ඇති සම්බාධක හමුවේ වුවත්, 2022 වසරේ පැවැත්වීමට නියමිත පා පන්දු ලෝක කුසලානයට කටාර් රාජ්‍යය මේ වනවිට ලහිලහියේ සූදානම් වෙයි.

පා පන්දු තරග නැරැඹීමට පැමිණෙන යුරෝපා රටවල බටහිර වැසියන් පා පන්දු තරග නරඹන්නේ මත්පැන් බොමින් විනෝද වෙමිනි. කටාරයේ ඉස්ලාමීය නීතිරීති අනුව මත්පැන් තහනම්ය. මෙය පා පන්දු ක්‍රීඩා ලෝලීන්ගේ කනස්සල්ලට හේතුවක් වී ඇත.

කටාර් බලධාරීන් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පෙන්වා දී ඇත්තේ මෙය පා පන්දු තරගාවලියට බාධාවක් කර නොගන්නා ලෙසය.

මත්පැන් බී විනෝද වීමට, ක්‍රීඩාංගනවලට ඔබ්බෙන් කාන්තාරයේ වෙනම කුටි ඒ සඳහා ස්ථාපිත කරන බවත් කටාර් බලධාරීහු වැඩිදුරටත් කියා සිටිති.

(ඬේලිමේල්)

 


RECOMMEND POSTS